මේ සඳහා හිස්ව තිබෙන රජයේ ගොඩනැඟිලි, වස දමා ඇති පාසල්, දැනට තිබෙන විද්‍යායතනවල පවතින අමතර ඉඩකඩ යොදා ගැනීමට බලාපොරොත්තු වේ. මෙයට අමතරව රුපියල් බිලියන 10 කට වැඩියෙන් ආයෝජනය කළ ආයතන වලට ද ගුණාත්මක භාවයෙන් හා ප්‍රමිතියෙන් යුතු විශ්ව විද්‍යාල විද්‍යායතන ආරම්භ කිරීමට අවසර දෙන අතර ඒවා ලාභ ලැබීමේ අපේක්ෂාවෙන් තොරව පවත්වාගෙන යා යුතු බව ද ගුණවර්ධන මහතා පැවසීය.
මෙම සියලු විශ්ව විද්‍යාල විද්‍යායතන වලට "වරලත්" තත්ත්වය ලබා දෙනු ඇත. වසර දෙකක කාලයක් මෙම විද්‍යායතන වල අධ්‍යාපනය ලබා උසස් ඩිප්ලෝමා සමත්වන සිසුන්ට විශ්ව විද්‍යාල වලට ඇතුළත් වී උපාධිය සම්පුර්ණ කිරීමට හැකි බව ද ඇමතිවරයා සඳහන් කළේය.
මෙම විද්‍යායතන මගින් ඉංග්‍රීසි, පරිගණක මෘදුකාංග, තොරතුරු තාක්ෂණය ආදී විෂයයන් උගන්වනු ලැබේ.
මෙයට අමතරව මුද්‍රණ ශිල්පය හා ජනමාධ්‍ය විෂයයන් සඳහා ද අලුතින් විශ්ව විද්‍යාල පිහිටුවීමට අදහස් කොටගෙන ඇති බව පැවසූ බන්දුල ගුණවර්ධන මහතා 2020 වසර තුළ අලුතින් ආරම්භ වන රාජ්‍ය විශ්ව විද්‍යාල ගණනාවක් ආරම්භ කිරීමට කටයුතු කර ගෙන යන බව ද කීය.
මෙම විශ්ව විද්‍යාල විද්‍යායතන වල ඉගැන්වීම සඳහා පන්ති සමාර්ථය සහිත උපාධි සමත් වී එහෙත් නිසි රැකියා නොලැබ ඇති ගුරු වෘත්තීය වැනි රැකියාවක යෙදී සිටින අය බඳවා ගැනීමට අදහස් කොට ඇතැයි මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු වශෙයන් ඒ මහතා පැවසීය.