2020 නව වසර ආරම්භ වීමෙන් අනතුරුව වසරේ මුල්ම දිනය වන අද (01) තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ සේවය කරන සියලු නිලධාරීන් නිල වශයෙන් රාජකාරි ආරම්භ කළේ ය.
වසර ආරම්භය සනිටුවන් කරමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඵල දරන පැලයක් රෝපණය කළ අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා විසින් ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පැලයක් රෝපණය කිරීම සිදු කළේ ය.
රාජකාරි ආරම්භ කිරීමෙ අනතුරුව දිවුරුම් දීම සිදු කිරීමෙන් අනතුරුව අමාත්‍යාංශයේ සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවක හමුවීම පැවැත්විණි. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සේවක හමුව පැවැතිණි.
මේ අවස්ථාවට තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ඇතුළු නිලධාරීහූ රැසක් සහභාගී වී සිටියේ ය.
මෙහිදී අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා විසින් නිලධරීන් වෙනුවෙන් රාජ්‍ය සේවයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කරගත යුතු ආකාරය, දැනුම කුසළතා,ආකල්ප වර්ධනය කරගත යුතු ආකාරය සම්බන්ධයෙන් ප්‍රායෝගික උදාහරණ ගෙන හැර දක්වමින් සාරගර්භ දේශයක් සිදු කිරීම ද විශේෂත්වයක් විය.