පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ත්‍රිවිධ හමුදාව එක තැන රැඳී නොසිට නව තාක්ෂණයෙන් සන්නද්ධ විය යුතුයි- යුද්ධ හමුදාපති

    ජනවාරි 02, 2020

    රට ජාතියේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ කාර්යභාරය හිමිකරගෙන සිටි ත්‍රිවිධ හමුදාව එක තැන රැඳී නොසිට නව තාක්ෂණයෙන් සන්නද්ධ විය යුතු බවත් දියුණුවන ලෝකයට උචිත වන සේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලමුළුව වැනි ආයතන සියල්ල එකට එක්ව ගමන් කල යුතු බවත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද(02) උදෑසන අවධාරණය කළේය.

    විශේෂයෙන්ම පසුගිය සමයේ මෙන් ආයතන සියල්ල එකට එක්ව සහයෝගයෙන් කටයුතු කරමින් ජනාධිපතිතුමාගේ සහ ආරක්ෂක ප්‍රධානින්ගේ දැක්මට අනුව කටයුතු කල යුතු බවත් යුධහමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ඔහු මේ බව සඳහන් කළේ වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස අද (02) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේ පැවති වැඩ භාර ගැනීමේ උත්සවයට එක්වෙමිණි.

    ත්‍රිවිධ හමුදා උත්තමාචාර මැද හමුදාපතිවරයා පිළිගත් අතර ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද මධ්‍යයේ එළැඹුනු සුභ මොහොතින් වැඩභාර ගැනීම සිදු විණි. ඔහු මෙම ධූරයට පත් වූ හත් වන වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වූ අතර තමා වත්මන් යුධ හමුදාපතිවරයා වශයෙන් කටයුතු කරන අතරතුරම මෙවැනි ධුරයකට පත් කරමින් තමා කෙරෙහි තැබූ විශ්වාසය ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තම ස්තුතිය පල කර සිටියේය.

     

    .ජනාධිපතිතුමාගේ,අගමැතිතුමාගේ සහ ආරක්ෂක ලේකම්ගේ දැක්මව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙදෙන බව ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

    රටේ ආරක්ෂාව උපරිමයෙන් ලබා දෙමින් මහජනයා බලාපොරොත්තු වන ආරක්ෂාව ලබා දීමටද ත්‍රිවිධ හමුදාවම එකම දැක්මක් අනුව යමින් පොලීසියෙන් සහ සිවිල් ආරක්ෂක බලකායෙන් බලාපොරොත්තු වන කර්තව්‍යය ඉටු කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වශයෙන් රටේත් මහජනයාගේ ආරක්ෂාව සළසමින් එම ආයතන වලට යා යුතු ගමන යාමට තම උපරිම සහය ලබා දෙන වැඩිදුරටත් සඳහන් කළේය.

     මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරින් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya