ඒ අනුව, පෙරේදා (31) රාත්‍රී වන විට වායු තත්ත්ව දර්ශකයට අනුව ඒකක 100 ත් 150 ත් අතර ප්‍රමාණයක් වායුගෝලය අවට දූවිලි අංශු ප්‍රමාණයේ වැඩි වීමක් පැවති බවත්, ඊයේ (01) රාත්‍රී වන
විට කොළඹ හා ඒ අවට ප්‍රදේශවලට ලැබුණු තරමක වර්ෂාපතනය හේතුවෙන් වායුගෝලය තුළ පැවති එම තත්ත්වය පැය කීපයකින් තරමක් දුරට අඩු වී ඇති බවත් ජාතික ගොඩනැඟිලි හා පර්යේෂණ
ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා මේ පිලිබඳව රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමේ දී කියා සිටියේය.
එහෙත්, වැසි නොලැබුණහොත් මෙම තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී ද පැවතිය හැකි බව කියා සිටී සරත් ප්‍රේමසිරි මහතා, සංවේදී පුද්ගලයින් හට මෙමඟින් බලපෑම් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ද වැඩිදුරටත් කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ, පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉනෝකා සුරවීර මහත්මියගෙන් කළ විමසුමේ දී කියා සිටියේ, කුඩා දරුවන්, ගර්භණි කාන්තාවන්, හෘද රෝගීන්, ස්වසන රෝගීන් මෙවැනි තත්ත්වයන් අහිතකර ලෙස බලපෑ හැකි බවයි. මෙම පාරිසරික බලපෑම නිසා පපුවේ මහන්සිය, ස්වසන අබාධ, අසාත්මිකතාවයන් හිසරදය සහ කැස්ස වැනි කෙටි කාලීනව රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකි බව ඉනෝකා සුරවීර මහත්මිය සඳහන් කළාය.
මෙවැනි බලපෑම් ඇති නොවීම සම්බන්ධයෙන් මිනිසුන් දැනුවත් කිරීම සහ සවිබල ගැන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරන බව කියා සිටි සුරවීර මහත්මිය, මිනිසුන්ගේ චර්යාත්මක වෙනසක් මේ සඳහා ඇතිවිය යුතු බව ද කියා සිටියාය. එමෙන්ම, පෙර වසර පුරාවටම දිස්ත්‍රික් මට්ටමින් දිස්ත්‍රික්ක 15 ක ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ බවත් මෙම වසරේ දී ඉතිරි දිස්ත්‍රික්ක සඳහා ද දැනුවත් කිරීමේ වැඩසටහන් කරගෙන යාමට කටයුතු කරන බව ද සඳහන් කෙරිණී.