පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමේ නැකතට ඵලදරන ගසක් සිටුවිමේ ජාතික ව්‍යාපෘතියක්

    ජනවාරි 02, 2020

    එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමේ නැකත වෙනුවෙන් සියලු ම මාධ්‍ය ආයතන එකතු වී ඵලදරන ගසක් සිටුවිමේ ජාතික ව්‍යාපෘතිය ''අද වවමු පැළයක්- හෙට නෙළමු ඵලයක්'' වැඩසටහන ත්‍රියාත්මක කරන බව තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසිය.

    ඊයේ (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව වසරට රාජකාරි ආරම්භ කිරිමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේ ය.

     මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා පැවසුවේ, ගෞරවනිය රාජ්‍ය සේවයක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවත්,කෙටි කාල පරිච්ඡේදයක් තුළ දී වැදගත් ජාතික ව්‍යපෘති දෙකක් ක්‍රියාත්මක කරන බවත් ය.

    විශේෂයෙන් ''ඵලයක් දරන ගසක්'' සිටුවීමෙන් සතුන්ට සහ මිනිසුන්ට පරිභෝජනය කළ හැකියි. යම් කිසි නිෂ්පාදනයක් ඇති කිරීමට හැකියාව ලැබෙනවා.මේ සඳහා රාජ්‍ය ආයතන,සංවිධාන සමඟින් මාධ්‍ය ආයතන ද එකතු වී ජනතාව දැනුම්වත් කර, මුලු රටම වැඩකරන රටක් වශයෙන් මෙම වැඩසටහන ආරම්භ කරනවා.

    පාසල් ළමුන් ලක්ෂ 44ක් පමණ සිටිනවා.හැම ශිෂ්‍යයකුටම අවුරුදු නිවාඩුවට පෙර එක් පැළයක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් කටයුතු කළ හොත්, පැළ ලක්ෂ 40ක් පමණ සිටුවීමට හැකියාව ලැබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    එසේ ම පළාත් පාලන ආයතන,රාජ්‍ය ආයතන,එහි සේවකයින් එකතු කරගෙන පරිසරයට ආදරය කරන සමාජයක් බිහිකිරීමට මෙම ව්‍යාපෘතිය හරහා දායක වන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya