දුම්රිය සේවා රාජ්‍ය ඇමති සී.බී රත්නායක මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියායත්මක වේ.
මෙම සහන මල්ල සඳහා සහල් ඇතුළු වියළි ආහාර මල්ලක් හා වර්ග 10කින් යුත් එළවළු මල්ලකින් ද සමන්විත බව මාධ්‍ය ලේකම් කිය. ඒ අනුව අද (02) මරදාන දුම්රිය ස්ථානයේ දී මෙම සහන මල්ල බෙදා දීම රාජ්‍ය අමාත්‍ය සී.බී.රත්නායක මහතගේ ප්‍රධනත්වයෙන් පැවැත්විණි.
මෙම වැඩපිළිවෙල ප්‍රධාන දුම්රිය ස්ථනවල ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් හෙට (3) දින සවස 3.00 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ද මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. එමෙන් ම ළඟදීම, ප්‍රධාන දුම රිය ස්ථානවල වස විෂ රහිත ආහාර මහජනතාවට ලබාගැනීම සඳහා හෙළ බොජුන් හාල් පිහිටුවීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.