සීගිරිය පර්වතය මුදුනේ පිහිටි නන තටාකයේ ස්ථාන කිහිපයක වර්ණය වෙනස් වීම පිළිබඳ ව වාර්තාවීමත් සමඟ ඒ පිළිබඳ ව විශේෂ පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇති බව ද, අදාළ සිදුවීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කරන ලෙස ප්‍රාදේශීය අධ්‍යක්ෂවරයාට දැනුම් දී ඇති බව ද, මේ පිළිබඳ ව රජයේ නිල පුවත් අඩවිය කළ විමසීමක දී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී.මණ්ඩාවල මහතා ප්‍රකාශ කළේය.
ගලේ පෘෂ්ටයේ ස්ථාන දෙකක මෙම වෙනස්කම් සිදු ව ඇති බවත්, එකී ස්ථාන වල කලු ගලේ වර්ණය සුදු පැහැය ගන්නා බවත් පැවසූ මහාචාර්ය මණ්ඩාවල මහතා කියා සිටියේ ඒ පිළිබඳව වාර්තා කිරීමට යන නිළධාරීන් ලබා දෙන වාර්තාවට අනුව එකී පෘෂ්ටයන්ගේ පැහැයේ වෙනස්වීම සම්බන්ධව සොයා බැලීම සඳහා රසායනාගාර නිළධාරීන් යොමු කරවන බවයි.