මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook

    තැපැල් සේවය විධිමත් කිරීමට පියවර - උප තැපැල් කාර්යාල 500ක් පරිගණකගත කෙරේ

    ජනවාරි 07, 2020

    තැපැල් සේවය විධිමත් හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් සියලුම තැපැල් කාර්යාල සඳහා අන්තර්ජාල පහසුකම් ලබාදීමේ  නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කටයුතු කරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (07) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

    එහිදී මෙම නව වැඩපිළිවෙළ ආරම්භය සනිටුහන් කරමින් ප්‍රධාන තැපැල් කාර්යාල කිහිපයක් නවීකරණය කිරීමට කටයුතු යොදා ඇත. ඒ යටතේ කොළඹ මධ්‍යම තැපැල් කාර්යාලය, මාතර මාක‍ඳුර තැපැල් කාර්යාලය, හෝමාගම, පේරාදෙණිය, කොම්පඤ්ඤ වීදිය, කුරුණෑගල යන තැපැල් කාර්යාල මුල් අදියර තුළදී නවීකරණය කිරීමට නියමිතය. මුල් අදියරේ කටයුතු ලබන අප්‍රේල් මස වන විට අවසන් කිරීමට බලාපොරාත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.

    එසේම දිවයින පුරා උප තැපැල් කාර්යාල 500 ක්ද පරිගණකගත කිරීමේ කටයුතු මේ යටතේ ආරම්භ වන බව ඒ මහතා වැඩි දුරටත් කීය. ජනතාව වෙත සියලු සේවා පහසුකම් ලබා ගත හැකි විධිමත් තැපැල් කාර්යාල ජාලයක් ස්ථාපිත කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya