ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්තියට අනුව රට මේ වන විට වංචා, දුෂණයෙන් තොරව වැඩ කරන රටක් බවට ගොඩනැංවීම අරමුණ පෙරදැරි කරගනිමින් මෙම නව මිල සංශෝධනයන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත පරිසර සහ වනජීවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතාගේ සහ මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළෙද, ආහාර සුරක්ෂිතා, පාරිභෝගික සුභ සාධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ නායකත්වය හා මඟපෙන්වීම යටතේ සිදු කෙරිණී.
මෙම වැලි මාෆියාව තුරන් කිරීම මඟින් ඉතිරි වන මුදල් යොදා ගනිමින් වැලි මංකඩ අධික්ෂකවරුන් වශයෙන් නව රැකියා අවස්ථා නවසියයක් පමණ උත්පාදනය කිරීමට ද හැකියාව ලැබී ඇත.