කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ. මෙම ඒකාබද්ධ වැඩපිළිවෙල සකස් කිරීම සදහා වන සැලැස්මක් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ද ඇමතිවරයා (06) දින සිය අමාත්‍යාංශයට අයත් ආයතන ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.
කාර්මික අපනයන, ගුවන් සේවා, ආයෝජන ප්‍රවර්ධන හා සංචාරක අමාත්‍යංශය යටතට සංවර්ධන අධිකාරිය, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, කටුනායක ගුවන් තොටුපළ, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ආයෝජන මණ්ඩලයේ කටයුතු පැවරී ඇති අතර මෙම ආයතන සියල්ල අතර ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම මගින් මෙම ක්ෂේත්‍රය දියුණු කළ හැකි බව ඇමතිවරයාගේ අදහසයි.
සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම තුළින් ලැබෙන විදේශ විනිමය උත්පාදනය ඉහළ නැංවීම මෙන්ම ශ්‍රි ලංකාව තුළ හා ඉන් බැහැරව ගුවන් සේවා දියුණු කිරීම තුළින් මෙරට ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දීම මෙම අමාත්‍යාංශයට
පැවරෙන ප්‍රමුඛ වගකීමයි. 2030 වන විට මෙරටට වාර්ෂිකව පැමිණෙන සංචාරකයින් ගණන මිලියන 07 දක්වාත් ඒ තුළින් වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක විදේශ විනිමය උත්පාදනය කිරීමටත් සැලසුම් කර ඇතැයි ප්‍රසන්න රණතුංග ඇමතිවරයා පෙන්වා දෙයි.
ලොව අංක 01 සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රචලිත කිරීම රජයේ අරමුණ බව පෙන්වා දෙන රණතුංග මහතා ඒ සදහා ශ්‍රී ලංකාව ජනප්‍රිය ගමනාන්තයක් ලෙස සන්නාමකරණය කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දෙයි.
සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් ඉහළ නැංවීම මෙන්ම සංචාරක ක්ෂේත්‍ර යේ ආයෝජකයින් දිරි ගැන්වීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව ඇතැයි රණතුංග මහතා කියයි.
මෙම ඉලක්ක සපුරා ගැනීමට ඒ ඒ ආයතන වෙන් වෙන් ව මුලික සාකච්ඡා කර පසුව සියලු දෙනා එක් ව සැලසුම එකක් කර තමන් වෙත ඉදිරිපත් කරන ලෙසත් ඉදිරි මාසය තුළ මෙම වැඩ පිළිවෙල ක්‍රියාවට නැංවීමට අවශ්‍ය මුලික පදනම සකසන ලෙසත් ආයතන ප්‍රධානීන්ට ඇමති ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දුන්නේය.