විදුලිබල අමාත්‍යාංශය පසුගිය 2015 සිට මේ දක්වා විදුලි බල පද්ධතියට මේ දක්වා මෙගාවෝට් එකක්වත් එක් කර නොමැති බවත්,මේ හි දි සියලු ම ව්‍යාපෘති නවතා දමා, මැතිවරණයක් ආසන්න වන විට හදිසි විදුලි අවශ්‍යතාවයක් ලෙස සළකා වැඩි මිලට විදුලිය ලබා ගැනීමට කටයුතු කර ඇති බව සඳහන් කළේය.
එක් විදුලි එකකයක මිල රුපියල් 33 ලෙසින් කැබිනට් අනුමැතිය ලබා ගෙන එක් විදුලි ඒකකයක් රුපියල් 62ක මුදලකට ලබා දී ඇතැයි ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව සමයේ සාම්පූර් බලාගාරය සෑදීමට සැලසුම් කර තිබූ බවත්,එය සාදා තිබුණේ නම් මේ වනවිට මොගාවොට් 500ක ධාරිතාවයක් විදුලි බල පද්ධතියට එක් වන බවත්ය සඳහන් කළ ඇමතිවරයා, මේ වන විට වැඩි මුදලට විදුලිය ගැනීමට සිදු ව තිබේ.
මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු සොයා බලන බවත්,මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ ද තමන් නීතිය අතට නොගන්නා බවත්,අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතියන බවත් ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.