වැඩි දුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ,පසුගිය යහපාලන ආණ්ඩුව විසින් පිහිටවනු ලැබු කොමිෂන් සභා පිළිබඳව මේ වන විට කිසිදු විශ්වාසයක් නොමැති බවත්,මේ දිනවල මාධ්‍ය පුරා සංසරණය වන හඬපටවලින් ජනතාව තුළ අධිකරණයේ ස්වාධීනත්වය හා විස්වාසය පළුඳු විමේ අභියෝගයට ලක්ව ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
පසුගියදා ආන්දෝලනාත්මක හඩපට විශාල ප්‍රමාණයක් හිටපු අමාත්‍යවරයාගේ නිල නිවස තුළ තිබි අත්අඩංගුවට ගත් බවත් එහිදි රජයේ උසස් නිලධාරීන් හා විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයින්ගේ සංවාදය ඇතුළත් හඩපට එහි දි තිබී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.