2020 වසර සඳහා අ.පො.ස (සා.පෙළ) විභාගයට පෙනී සිටින අපේක්‍ෂකයින් වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ විශේෂ වැඩ පිළිවෙලක් අරඹා ඇති බවත්, ඒ සඳහා අයදුම්පත් 2020 මාර්තු 31 දිනට පෙර එවිය යුතු බවත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.
මේ අනුව, මෙතෙක් ජාතික හැඳුනුම්පත් සඳහා ඉල්ලුම් කර නොමැති සියලුම සිසුන් විසින් නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ
දෙපාර්තමේන්තුවේ පළාත් කාර්යාල වලට හෝ ප්‍රධාන කාර්යාලය වෙත යොමු කළ යුතු බව ද කොමසාරිස් ජනරාල් වරයා සඳහන් කරයි.