ශෝක යෝජනාව ඉදිරිපත් කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසුවේ, 1970 සිට 1977 දක්වාද ,නැවතත් 1989 සිට 2015 වසර දක්වා අවුරුදු 32කට වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරයකු ලෙසත්, අමාත්‍යවරයෙක් ලෙසත්, අග්‍රාමාත්‍යවරයෙක් ලෙසත් කටයුතු කරමින් බොහෝ කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රිවරයකු වූ දි.මු ජයරත්න මැතිතුමා කෘෂිකර්ම,ඉඩම් හා වන සංරක්ෂණ වැනි අමාත්‍යධූර දරමින් ගොවි ජනතාවට විශාල සේවයක් කළ බවයි.
තම පියා උග්‍ර එක්සත් ජාතික පාක්ෂිකයකු වුවත්, ගැටවර වයසේ සිට වාමාංෂික අදහස් දැරූ මෙතුමා පියාගේ බලවත් විරෝධය මත පළමු ගම්සභා මැතිවරණයට ඉදිරිපත් වී ඉන් ජයගෙන දේශපාලනයට අවතීර්ණ වී තිබේ.1970 වසරේ ඉඩම් ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිය ප්‍රායෝගික යථාර්තයක් බවට පත් කිරීම සඳහා එතුමා තම දායකත්වය ලබා දුන් අතර 1972 ඉඩම් ප්‍රතිසංසස්කරණ පනතින් ලබා දුන් නීතිමය පිටුවහල මගින් මෙරට ඉඩම් නොමැති අසරණ ජනතාවට ඉඩම් ලබා දීමට පියවර ගෙන ඇත.
කුඩා තැනකින් ඉහළට පැමිණ කෘතහස්ත ජනතා සේවයක් කල නායකයෙක් ලෙස එතුමා ජනතාවට විශාල සේවයක් සිදු කල බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද තම ශෝක ප්‍රකාශය සඳහන් කළේය.
පාර්ලිමේන්තුවට පැමිණි දින පටන් පෙරළිකාර,ජනතාවදී අදහස් දැරූ එතුමාගේ සේවය ජනතාවට අමතක කළ නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. කන්ද උඩරට ජනතාව කෙරෙහි විශාල ඇල්මක් පැවති අමාත්‍යවරයෙක් වූ එතුමාගේ සේවය ජනතාව කිසිදා අමතක නොකරන බවද සඳහන් කර සිටියේය.