"ගමට ගෙයක් -රටට හෙටක්" වන නිවාස වැඩසටහනක් 2020 වර්ෂයේ දි ආරම්භ කිරිමට කැබිනට් අනුමැතියට යොමු කර තිබු යෝජනාව අනුමත වී ඇති අතර,2020 ජවාරි මාසයේ සිට ලංකාවේ 14022ක් වු සියලු ග්‍රාම සේවා වසම් වලින් මුල් අදියර යටතේ,දිළිඳු පවුලකට නිවසක් සැදීමට හෝ වැඩි දියුණු කිරිමට රුපියල් ලක්ෂ 6ක ආධාරයක්,ඉදිකිරිම් ප්‍රගතිය මත පදනම් ව වාරික ලෙස ලබා දිමට කටුයුතු යොදා ඇති බව අද(09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනුතවේ දි පැවැති කැබිනට් තිරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවේදී තොරතුරු හා සන්න්වේදන තාක්ෂණ අමාත්‍යහා සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
"රට හදන සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් ඉදිරිපත් කළ ශ්‍රි ලංකාවේ සැම පුවලකටම සුවපහසු නිවසක ජීවත්විමේ ඉඩ සලසා දීම තුළින් තිරසාර සංවර්ධනයක් ඉලක්ක සපුරා
ගැනීමේ අරමුණින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා නාගරික සංවර්ධන,ජල සම්පාදන හා නිවාස පහසුකම් ඇමතිවරයා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.