ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ දිවයිනේ රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන 63 ක ජනතාවාදී නිර්මාණශිලී කේන්ද්‍රිය වැඩසටහන් ක්‍රියාත්මක විය. ඒ අතරින් හොදම ව්‍යාපෘති 20 ක් තෝරා ගෙන එම ව්‍යාපෘති ඉදිරිපත් කිරීමේ සමුළුවක් පැවැත් වූ අතර, ඉන් තෝරා ගත් හොදම ව්‍යාපෘති සදහා සහතික පත්‍ර ප්‍රදානය (08) දින සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබලගැන්වීමේ ව්‍යාපෘතියේ මෙහෙයවීමෙන් කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විනි.
පහසුවෙන් ප්‍රතිකාර සදහා යොමුවිමටත්, ලැබෙන සේවාවේ ගුණාත්මකභාවය වැඩි කිරීමටත්, නිර්මාණශීලි ප්‍රෙව්ශයක් සදහාත් මෙම වැඩසටහන උපකාරි වේ. මෙහිදී ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමට අදාල ඉදිරි අවුරුදු 05 සදහා ජාතික සැළසුමක් සකස් කිරීමේ කටයුතු ද සිදු විය.
උත්සව සභාව අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය - “දිවයිනේ පිහිටි කුඩා රෝහල්වලට බොහෝ විට සේවය සදහා යොමු කෙරෙන්නේ වෛද්‍ය අධ්‍යාපනය ලැබ පළමු හෝ දෙවන පත්වීම ලබන වෛද්‍යවරු. එතුමන්ලාගේ මූලිකත්වයෙන් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් දියුණු කිරීමට ගන්නා උත්සාහය අපි ඇගයීමට ලක් කළ යුතුයි. ජනතා නියෝජිතයෙක් විදිහට වගකීමෙන් යුතුව සදහන් කරන්න සිදු වෙනවා මේ ව්‍යාපෘතියේ මුදල රුපියල් මිලියන 36000 ක්. බිලියන 36 ක්. මේ අපි ණයට ගත් මුදල්. මේ රටේ බදුගෙවන ජනතාවගෙන් ගන්න මුදල් වලින් තමයි මේ ණය ගෙවා ගන්න සිදු වෙන්නේ. සැබෑ ඉළක්කයටම මේ මුදල් වියදම් කළ යුතුයි.”
''අතීතයේ සිටි ජනතාව නිරෝගී පිරිසක්. අවුරුදු 70 ක් පමණ රජ කරන්න මිනිහෙක් අවුරුදු 110 ක් පමණ ජීවත් වෙන්න ඕනි. අවුරුදු දහස් ගණනක් තිස්සේ යෝධ දාගැබ්, වැව් ඉදිකළ හොද මානසික තත්ත්වයක් තිබුන, ශක්තිමත්, නිරෝගී ජනතාවක් ජීවත් වූ රටක් අද බහුතර රෝගී ජනතාවක් ඉන්න රටක් බවට පත් වෙලා තිබෙනවා. මේ වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බෙහෙත් සදහා යන වියදම රුපියල් බිලියන 120 ක් ලෙස දැනුම් දී තිබෙනවා. අපේ රටට පුළුවන් ද මෙපමණ මුදලක් බෙහෙත් වලට පමණක් වියදම් කරන්න. අපි කන බොන විදහට අපිම තීන්දු කර ගන්නවා අපි මැරෙන්නේ කුමන රෝගකින් ද කියලා. ඇයි අපේ රටේ මිනිස්සු මෙවැනි තත්ත්වයකට පත් වුණේ කියන එක ගැටළුවක්. මම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා විදිහට කටයුතු කරන කොට මම එහි ඉන්න ඉන්න විශේෂඥ මහත්වරුන්ට කිව්වා අපේ පරණ හාල් අරගෙන පරීක්ෂණ කරන්න කියලා. එහිදී මසුරන්, සුදු හීනැටි. දික් වී, යන හාල් පිළිබද කළ පරීක්ෂණ වල දී සොයා ගත් දෙයක් තමයි එම හාල්වලින් ශරීර තරබාරුව ඇති කිරිම වළැක්වීම සදහා ද හැකියාව තිබෙනවා. එම හාල් විශාල වශයෙන් භාවිත කළත් ලේ වල සීනි ප්‍රමාණය වැඩි වන තත්ත්වයකට පත්වෙන්නේ නැහැ. එම ගුණාංගය එම හාල තුලම අන්තර්ගත වෙනවා. අපි ලෙඩ වෙලා තිබෙන්නේ වර්තමානයේ අපි ආහාරයට ගන්නා දේවල් නිසා. ඒ නිසා අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය විදිහට වස විෂ නැති ආහාර රටාවකට ජනතාව පුරුදු කර ගන්න ක්‍රියාත්මක වැඩපිළිවෙලේ දී මම ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා බෝනොවන රෝග වලින් ජනතාව ආරක්ෂා කර ගැනීම සදහා ජනතාව යොමු කිරීමට කටයුතු කරන්න කියලා. එසේ දැනුවත් කළොත් බිලියන 120 ඖෂධ සදහා වියදම් කරන රටක් බවට මේ රට පත් නොවේවි.”
“පාන් පිටි නොකාපු ජාතියක් පාන් පිටි කන්න ගිහිල්ලා, බිත්තර, කිරි භාවිත කළ පිරිස් නොයෙක් ජාති කන්න දෙන කිකිළියන්ගේ බිත්තර කාලා, කෘත්‍රීම ජාති කන්න බොන්න දෙන හරකුන්ගේ කිරි බීලා, කොත්තු, රයිස් කාලා බෝනොවන රෝග වලට ගොදුරුවෙලා තිබෙනවා. ක්ෂණික ආහාර සදහා යොමුවෙලා තිබෙනවා. දැන් මිනිස්සුන්ගේ මතය බෙහෙත් දුන්නේ නැති වුනොත් දොස්තරගෙන් වැඩක් නැහැ කියලා. හැබැයි ඒක සැර බෙහෙතක් වෙන්නත් ඕනි. මේ සියල්ල විය යුතුයි. එම සැර බෙහෙත් බීමත් රෝගී වෙන්න හේතුවක්. බ්‍රිතාන්‍ය ජාතිකයින් හොද සෞඛ්‍ය සේවාවක් ඇති කරන්න වතු ආශ්‍රිතව වතු රෝහල් විශාල ප්‍රමාණයක් හදලා තිබෙනවා. නමුත් අනවශ්‍ය ටික අපි අරගෙන තිබෙනවා. ඒ නිසා බෝනොවන රෝග වැඩි වෙලා තිබෙනවා. අපි වතු රෝහල් ආණ්ඩුවට ගන්න ඕනි. අපි රොහල් අරගෙන තිබෙනවා ආණ්ඩුවට පවරාගෙන නැහැ. නඩත්තු කරනවා. සමහර රෝහල් හොදින් පවත්වාගෙන යනවා. සමහර රෝහල්වල මිනිස්සුන්ට ඉන්න තැනක් නැහැ. දුර්ගන්ධය වැඩියි. සුළු සේවකයෝ බනිනවා. ආණ්ඩුවේ රෝහලකට යනවා කියන්නේ දඩුවමකට යනවා වගේ තැනුත් තිබෙනවා. ප්‍රතිකාර සදහා රෝහලකට ගියාම භාගයක් දුක් විදින්නේ ලෙඩෙන්. භාගයක් රෝගීන් විදිහට පත්වන අපහසුතාවයෙන්. හැම තැනම නෙවෙයි. රෝගීන්ට දෙන මානසික සහනය සහ පහසුව පුද්ගලික රෝහලක දෙනවා මෙන්ම රජයේ රෝහල්වලින් ද ලබාදිය යුතුයි. නඩත්තු නොවන මධ්‍යම තත්ත්වයෙන් තිබෙන රෝහල් ගොඩනගන්න මුදල් වියදම් කරනවා වගේම තව කළයුතු බොහෝ දේ තිබෙනවා. ලබන වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වියදම් රුපියල් බිලියන 250 ට වැඩිවෙයි. එපමණ මුදලක් වියදම් කළත් ජනතාවට ලබාදෙන සේවාව තුලින් ජනතාව තෘප්තිමත් නොවන්නේ නම් එම සේවාවෙන් වැඩක් නැහැ.”
“අපි සැවොම එක්වෙලා නිරෝගී ජනතාවක් බිහි කිරීම සදහා රජය ගෙනයන වැඩ පිළිවෙල සෞඛ්‍ය අංශ සමග එක්ව ඉදිරියට ගෙනයමු. සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් වෙහෙසෙන සියලු දෙනාම ඇගයීම ඉතා හොද දෙයක්. මේ ඇගයීම ඉදිරියටම ගෙනයනවා නම් එය ද ඉතාම වැදගත් වෙනවා. මේ ඇගයීම සියලු දෙනාටම ලබා දිය යුතුයි.”
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය, ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබලගැන්වීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ඡේ.එම.ඩබ්ලිව් ජයසුන්දර බණ්ඩාර මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.