රජයේ නිල පුවත් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ සිලෝන් තේ නාමය ආරක්ෂා කරගැනීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කරන බවත්, එමගින් සිලෝන් තේ නාමය අවභාවිතා කිරීම ඉදිරියේදී වැළකෙනු ඇති බවත්ය.
එමෙන්ම තේ වගාවේදී යොදාගන්නා කෘෂි රසායනයක් වන ග්ලයිෆොසේට් සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් දැක්වූ අතර ඔහු පැවසුවේ, මේ වන විට ග්ලයිෆොසේට් නැවත භාවිතයට ගැනුණද එම රසායනය 2021 වන විට භාවිතයට ගැනීම ලෝකය තුළ සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට නියමිත බවත්, එම රසායනය වෙනුවට මෙරට තේ වගාවට යොදාගත හැකි විකල්ප තේ පර්යේෂණ ආයතනය විසින් අත්හදා බලන බවත්, ඉදිරියේදී එම විකල්ප ග්ලයිෆොසේට් වෙනුවට යොදාගනු ඇති බවත්ය.