අමාත්‍යවරයා අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැහි මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.
සියලුම සිසුන්ට බියෙන් හ සැකෙන් තොරව තම අධ්‍යාපනය ලබගැනීමට අවස්ථාව තිබිය යුතු බව කී අමාත්‍යවරයා ඒ බව ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ද පවසා තිබෙන බව කීය.
මේ රටේ එක නීතියක් එක රටක් යන ප්‍රතිපත්තිය මත සැමට නීතිය සමව ක්‍රියාත්මක වන බවත් පැවසූ අමාත්‍යවරයා,කොළඹ විශ්වවිද්‍යාලයේ නවක වද සිද්ධියට සම්බන්ධ අය සඳහා පොලීසිය අනුගමනය කරන නීතිය එලෙස ක්‍රියාත්මක වන අතර විශ්වවිද්‍යලයෙන් ද අවශ්ය විනය පියවර ගනු ඇති බව කීය.
සිසුන් පිරිසක් විසින් පහරදීම නිසා රෝහල්ගත කළ සිසුවා බැලීම සඳහා තමන් ද රෝහල වෙත ගිය බව කී අමාත්‍යවරයා, මෙවැනි නවක වද සිදුවීම්වලට බියෙන් පසුගිය කාලයේ සිසුන් 2000ක් පමණ විශ්වවිද්‍යාල හැරගිය ගිය බද පවසා සිටියේ ය.