අමාත්‍යවරයා අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේ, මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, විදෙස් විශ්වවිද්‍යාල වෙත යන මෙරට දරුවන් බොහෝ දුක් විදින අවස්ථ තිබෙන බවයි. එමෙන් ම උසස් අධ්‍යාපනය සඳහා අසර්බයිජන් හී සිටි දැරියන් තිදෙනෙකු මිය යැමේ සිදුවීම පිළිබඳව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කණගටුවට පත්වන බවය.
මෙවැනි සිදුවීම් අවම කරගැනීමට මෙරට උසස් අධ්‍යාපන පුළුල් කළ යුතු බව පෙන්ව දුන් අමාත්‍යවරයා විදෙස් විශ්වවිද්‍යාල සඳහා මෙරට ස්ථාපිත කිරීම සඳහා නිදහස් වෙලඳ කලාප වැනි කලාපයක් පිහිටුවීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.