2019 නොවැම්බරයේ පැවති ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකාවේ නව අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමෙන් අනතුරුව රුසියානු සමූහාණ්ඩුවේ පළමු නිල සංචාරය මෙය වේ.
2009 සිට වසර දහයකට පසු සිදු කෙරෙන විදේශ ඇමති ලැව්රොව්ගේ මෙම සංචාරය දෙරට අතර දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා අලුත් කරගැනීම සහ යහපත් ආකාරයෙන් ගොඩනංවා ගැනීම සඳහා සිදු කෙරෙනු ඇත. අමාත්‍ය ලැව්රෝව් කොළඹ රැඳී සිටින කාලය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවනු ඇත.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය රුසියානු අමාත්‍යවරයා සමඟ නිල වශයෙන් සාකච්ඡා කිරීමෙන් ද්විපාර්ශ්වික කටයුතු සමාලෝචනය කිරීම සහ ආර්ථික, ආරක්ෂාව, අධ්‍යාපනය, සංචාරක හා විද්‍යා හා තාක්ෂණ
යන අංශවල සහයෝගීතාවයේ නව මංපෙත් විවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පොදු අභියෝගයන්ට හවුල් විසඳුම් සෙවීම සඳහා කලාපීය හා බහුපාර්ශ්වික වේදිකාවල සමීපව සම්බන්ධ වීම පිළිබඳව ද මෙම සාකච්ඡාවලට ඇතුළත් වේ.
2020 ජනවාරි 14 වන දින පැවැත්වෙන ද්විපාර්ශ්වික රැස්වීමෙන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය හමුවක දී අමාත්‍යවරුන් දෙදෙනා මාධ්‍ය අමතනු ඇත.