මෙම සාකච්ඡාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඉලක්ක සහගත වැඩපිළිවෙළක්, ක්ෂේත්‍රයේ පළපුරුද්ද සහ කැපවීම සහිත දක්ෂ කණ්ඩායමක්, නොබියව කාලෝචිත තීරණ ගතහැකි සහ ඒවා ක්‍රියාත්මක කිරීමට කැපවූ නිලධාරින් පිරිසක් ඇත්නම් ඕනෑම අභියෝගයක් ජයගත හැකි බව මෙහිදී අවධාරණය කෙරිණි.
සංචාරක කර්මාන්තයේ හඳුනාගත් ගැටලු සහ එහි ප්‍රවර්ධනයට ගත යුතු තිරණ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. මේ අනුව, සංචාරකයන්ට සැපයෙන පහසුකම් සහ සංචාරක ආකර්ශණයට ලක් වූ ස්ථාන වැඩිදියුණු කිරීම, ශ්‍රී ලංකාවට සුවිශේෂ සහ අනන්‍ය වූ ක්ෂේත්‍ර ප්‍රවර්ධනය, ශ්‍රී ලාංකිය ප්‍රතිරූපය ඉහළ නැංවීමට තානාපතිවරුන් මගින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ශ්‍රී ලංකන් ඇතුලු ගුවන් සේවා ගුණාත්මක සේවා ලෙසත්, ඝෘජු ගුවන් සේවා ස්ථාපනය කිරීමෙනුත් දියුණු කරමින් ආයතන 04 ක් ලෙස ක්‍රියාත්මක සංචාරක මණ්ඩලය මනා සම්බන්ධීකරණයකින් වැඩ කිරීමේ වැදගත්කමත් පිළිබඳව ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.
සංචාරක පොලීසිය යළි ක්‍රියාත්මක කිරීමට සහ ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් නීති රීතිවල සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.