අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (13) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
දැනට තිබෙන සංඛ්‍යාලේඛන අනුව එම ප්‍රමාණය 50,000ක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. මෙම උපාධිධාරීන් අභ්‍යන්තර ද බාහිර ද,35 අඩු ද වැඩි ද යන්නත්, උපාධිය කුමක්ද යන්නත්,කුමන දේශපාලන පක්ෂයට අයිති ද යන්නත් නොබලා,බුද්ධිමත් ද යන්න පමණක් බලන්නැයි ද පැවසූ අමාත්‍යවරයා, ඉංග්‍රීසි,ගණිතය,විද්‍යාව,විදේශ භාෂා හදාරා ඇති දරුවන් පාසල් සඳහා බදවා ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.