නවම් මහා පෙරහැර පෙබරවාරි මස 07 සහ 08 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත අතර මෙම සාකච්ඡාවේදි පෙරහැර මංගල්‍යයේ සේවා සැපයීම් සහා සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේ විසින් දැනුවත් කළේය.
මෙවර පෙරහැර මංගල්‍යයේ සංවිධාන කටයුතු සාර්ථකව සිදු කරගැනීම සඳහා සහය ලබාදෙන ලෙස ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේ විසින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු සාකච්ඡාව සඳහා පැමිණ සිටි අනෙකුත් ආයතන වලින් ඉල්ලීමක් කළහ. පෙරහැර සංවිධාන කටයුතු සඳහා අවශ්‍ය සහය ලබාදෙන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී සියලු ආයතන වලට දැනුම් දුන්නේය.