අද(14) ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමන් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඒ අනුව 2015 වසරේ ජනවාරි මාසයේ 8 වැනි දින සිට 2019 වසරේ නොවැම්බර් මස 16 වැනි දිනෙන් අවසන් වූ පසුගිය සිවු වසරකට ආසන්න කාලසීමාව තුළ රජයේ නිලධාරීන් , රාජ්‍ය සංස්ථාවල සේවකයින් , සන්නද්ධ හමුදාවන්හි මෙන්ම පොලිස් සේවයේ සාමාජිකයින් ඇතුළු දේශපාලන පළිගැනීම් වලට ලක් වූ සියළුම නිලධාරින් මෙම කොමිෂන් සභාවට පැමිණ කඩිනමින් කරුණු ඉදිරිපත් කරන සියලුම රාජ්‍ය සේවකයන්ට දන්වා තිබේ විශේෂයෙන්ම මාස 06ක් ඇතුළත එම කොමිසමේ නිර්දේශ ලබා දෙන ලෙස ජනාධිපතිතුමා නියෝග කර ඇති අතර ඒ අනුව හැකි ඉක්මනින් පළමු මාස 02 ඇතුළත්ව මෙම කරුණු ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා අසාධාරණයට ලක් වූ රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටියේය.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කොමිසමේ සෙසු සාමාජිකයින් වන්නේ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිශ්චයකාර දයා චන්ද්‍රසිරි ජයතිලක සහ විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන්ය.