හමුදාපතිවරයා මේ බව පැවසුවේ අද(14) උදෑසන පැවති තුරුමිතුරු නව රටක් තුරුලිය ව්‍යාපෘතියට එක්වෙමිණි.
යුධ හමුදාව තම රාජකාරිය කරන අතරම සමාජ මෙහෙවරක් වශයෙන් තුරු මිතුරු නව රටක් වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් වන ඝනත්වය වැඩි කිරිම, ඔක්සිජන් ප්‍රමාණය වැඩි කිරිම වගේම අලංකාරය වැඩි කිරීම මෙහි අරමුණ බවත් ඒ මහතා වැඩිදරටත් සඳහන් කළේය.
මධ්‍යම පරිසර අධිකාරී කාර්යාල මංසධියේ සිට නව යුද්ධ හමුදා මූලස්ථානය දෙසට දිවෙන මාර්ගය දෙපස මී ඇතුළු ගස් වර්ග රාශියක් සිට වූ අතර මෙහි පළමු අදියර යටතේ පසුගිය දෙසැම්බර් මස 23 දින බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාර්ගය දෙපස අරලිය පැල 170ක් රෝපණය කෙරිණ. මෙම ව්‍යාපෘතිය සියලුම යුද හමුදා කඳවුරුවල ද ක්‍රියාත්මකය.