නෙළුම් මාවත, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති විශේෂ පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බන පෙන්වා දුනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ, පසුගිය රජය සමයේදී ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම අධිකරණයටද දැඩි ලෙස බලපෑම් කර ඇති බවත්, වත්මන් ජනාධිපතිවරයා කිසි ලෙසකින් අධිකරණ කටයුතුවලට බලපෑම් නොකරන ලෙස නියෝග කර ඇති බවත්ය.
එමෙන්ම ජනාධිපතිවරයා විසින් පත් කළ විද්වත් කමිටුව විසින් හුදෙක්ම සිදුකරනු ලබන්නේ නිර්දේශ සැපයීම බවත්,එසේ වුවද එම කමිටුවේ නිර්දේශ මත රාජ්‍ය අයතනවලට උගත් බුද්ධිමත් පිරිසක් පත් කිරීමේ ප්‍රවණතාවයක්
ඇතිව තිබෙන බවත් නාලක ගොඩහේවා මහතා පැවසීය.
මෙම පුවත්පත් සාකච්ඡාව සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති, ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චරිත හේරත් මහතා ද සහභාගි වූ අතර ඒ මහතා පැවසුවේ, වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රජාතන්ත්‍රවාදීභාවය හේතුවෙන් පශ්චාත් ජනාධිපතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හෝ දේශපාලන පළිගැනීම් සිදු නොවුනු බවයි. එමෙන්ම කිසිඳු ආකාරයකින් මාධ්‍යයට එරෙහිව නියාමනයක් හෝ බලපෑමක් නොකිරීමට ජනාධිපතිතුමා විසින් නියෝග කර ඇති බවද, මාධ්‍යයට වෘත්තීයමය තත්වයක් ලබාදීමට වත්මන් රජය විසින් ඉදිරියේදී කටයුතු කරනු ඇති බවද චරිත හේරත් මහතා පැවසීය.