එහිදී දෙරට අතර වෙළෙඳ කටයුතු ප්‍රවර්ධනය කිරීම සම්බන්ධවත් සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීම පිළිබඳවත් සාකච්ඡා කෙරුණු අතර ආරක්ෂණ හුවමාරු වැඩසටහන් තුළින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඉහළ තාක්ෂණයෙන් හෙබි ආරක්ෂණ පහසුකම් සලසාදීමටද විදේශ අමාත්‍යවරයා එකඟතාවය පළ කළේය.
රුසියාව තුළ මේ දක්වා ශ්‍රී ලාංකිකයින් 5000ට අධික ප්‍රමාණයක් උසස් අධ්‍යාපනයේ නිරතව සිටි බව පෙන්වා දුන් විදේශ අමාත්‍යවරයා වර්තමානයේදී 850ට අධීක පිරිසක් උසස් අධ්‍යාපනයේ නිරත වන බවත් ඉදිරියේදී ශ්‍රී ලංකාවට තවදුරටත් උසස් අධ්‍යාපන හුවමාරු වැඩසටහන් ලබා දීමට වැඩි අවධානයක් යොමු කරන බවද රුසියානු විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.
රුසියානු වෙළෙඳපොල තුළ ශ්‍රී ලාංකීය තේ කර්මාන්තය තව දුරටත් ප්‍රවර්ධනය කිරීමටත් ගුණාත්මකභාවයෙන් වැඩි තේ නිෂ්පාදනය සඳහා ආයෝජන අවස්ථා ලබා දීමටත් රුසියානු රජය බලාපොරොත්තු වන බව එම සාකච්ඡාවේදී සදහන් විය.
ඉහළ පෙලේ රුසියානු ආර්ථීක සමුළු සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාරකයින්ට අවස්ථාව හිමිකර දිමටත් ඒ තුළීන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ ආර්ථික ප්‍රවර්ධනයක් අත් කර දීමටත් බලාපොරොත්තු වන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කලේය.
මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, විදේශ අමාත්‍යංශ ලේකම් රවිනාත් ආරියසිංහ යන මහත්වරුන්ද සහභාගී වූහ.