එමෙන්ම ශ්‍රී ලංකාව සමඟ ද්වීපාර්ශවික සබඳතා වැඩිදියුණු කරගැනීමට හැකි වීම සම්බන්ධයෙන් සතුටු වන බවද ඇය සඳහන් කළාය.
දකුණු සහ මධ්‍යම ආසියාවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ලීසා කර්ටිස් මහත්මිය සහ එක්සත් ජනපද වැඩබලන සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ විශේෂ හමුවක් ( 14) අරලිය ගහ මන්දිරයේදි පැවැත්වුණු අතර එහිදි ඇය මේ බව ප්‍රකාශ කළාය.
එමෙන්ම දත්ත පදනම හරහා ත්‍රස්තවාදීන් පිළිබඳව තොරතුරු හුවමාරු කරගැනීම, ලෝක ත්‍රස්තවාදය තුරන් කිරීමට අදාලව සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවත් එහිදී එක්සත් ජනපද වැඩබලන සහකාර රාජ්‍ය ලේකම් පැවසුවාය.
ඉතා ඉහළ ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ලැබූ ජනාධිපතිවරණ මැතිවරණ ජයග්‍රහණයටද ඇලිස් වෙල්ස් මහත්මිය මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත සුභපැතුම් එක් කළාය.
මෙම සාකච්ඡාවේදි තොරතුරු සන්නිවේදන තාක්ෂණ සහ කෘෂිකර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර ආර්ථික සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳවද අවධානය යොමු කෙරිණි. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේ කෘෂිකර්මාන්තය හා තොරතුරු තාක්ෂණ වැඩසටහන් සහ උපාධිධාරින් සඳහා රැකියා උත්පාදනය සඳහා රජය දැඩි උනන්දුවකින් ක්‍රියාකරන බවයි.
මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, විදේශ අමාත්‍යංශ ලේකම් රවිනාත් ආරියසිංහ යන මහත්වරුන්ද සහභාගී වූහ.