ජනමාධ්‍ය අමාත්‍යංශයේ ඊයේ(14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර යළි නගාසිටුවීම සඳහා ප‍්‍රාග්ධනය ආපසු ගෙවීමට සහන කාලයක් ලබාදීම සහ කෙටිකාලීන ණය සැපයීම ආදී පහසුකම් රැසක් මෙම සහන පැකේජයට අයත් බවයි.
පසුගිය වසරේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සිදු වූ කඩා වැටීම නැවත නගා සිටුවීම සඳහා ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ පෙර දැක්ම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දු වූ පරිදි ව්‍යාපාරික ක්ෂේත්‍රයට මෙම සහනය ලබා දෙන බවත් ඒ සඳහා චක්‍ර ලේඛය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.