හින්දු ආගමික විශ්වාසයට අනුව සූර්යය ශක්තියෙන් ජනිත වු භවභෝග සම්පත් නෙලා ගැනීමෙන් අනතුරුව හිරු දෙවියන් උදෙසා පවත්වනු ලබන අසිරිමත් අස්වනු මංගල්‍ය වන තෛපොංගල් යනු වසර දහසකටත් වඩා පැරණි චෝල රජ සමය දක්වා දිවෙන ඓතිහාසික වැදගත්කමකින් යුත් අසිරිමත් සංස්කෘතික උළෙලකි.
අප සියල්ලන්ම “සොබාදහමේ කොටස්කරුවන්ය” යන යථාර්ථය නිවැරදිව අවබෝධ කරගනිමින් සොබාදහම කෙරෙහි කෘතවේදීත්වය දැක්වීම මෙහි හරයන් තුළ විද්‍යමාන වෙයි. විශේෂයෙන්ම සිංහල හින්දු අළුත් අවුරුදු චාරිත්‍ර හා තෛපොංගල් චාරිත්‍රයන්හි සමිප බව තුළින් ලබා දෙන අතිශය වැදගත් පණිවුඩය නම් ජාතින් ආගම් වශයෙන් වන පටු සීමාවන් අතික්‍රමනය කළ එකම පොදු මූලයකින් සිංහල දමිල ජනතාව බැඳි සිටින බවය.
එබැවින් අප අතර සහෝදරත්වයේ බැඳීම අන්‍යෝන්‍ය ගෞරවය හා අවබෝධය තහවුරු කීරිමට තෛපොංගල් උදාව වැදගත් ප්‍රවේශයක් සපයයි.
කෘතවේදීත්වය, පරෝපාකාරය, සාමුහිකත්වය මෙන්ම සමස්ථ ලෝකය වෙත සාමය සමෘද්ධිය ප්‍රාර්ථනා කරන තෛපොංගල් මඟින් ඔප්නංවන මානව ගුණාංග හෙට දවසේ මනුෂ්‍යත්වය පිරුණු ලොවකට පිටුවහලක් වේවා!’යි පතමින් සකල ශ්‍රි ලංකාවාසී සහෝදර දමිළ ජනතාව වෙත හා සමස්ත ලෝවාසීන් වෙතත් සියළු යහපත් පැතුම් ඉටුවන තෛපොංගල් සැමරුමකට ආසිරි පතමි.