ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාවය ලබා දෙමින් සියලුම බුද්ධි ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි බුද්ධි අංශ නියාමනය කිරීමේ හා බලගැන්වීමේ පනතක් හඳුන්වදීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව පැවැත්විණි.
බුද්ධි අංශ මෙහෙයුම් ආශ්‍රිතව සිදුවන ක්‍රියාකරකම් නියාමනය කිරීම සඳහා සහ බුද්ධි අංශ බලාත්මක කරමින් ඔවුන්ගේ මෙහෙයුම් කටයුතුවලට සහාය වීම සඳහා අවශ්‍ය වන ප්‍රමණවත් නෛතික ප්‍රතිපාදන දැනට නොමැති වීම හේතුවෙන් ඇතැම් බුද්ධි අංශ කටයුතු සීමා වී ඇති බව පෙනී ගොස් ඇතැයි රජය පවසයි.
මීට පිළියමක් ලෙස මෙම නව පනත ගෙන ඒමට රජය තීරණය කර තිබේ.