මීගමුව මහ රෝහල මගින් ගුවන් තොටුපොළට පැමිණෙන සංක්‍රමණික මගීන් සහ නාවික මගීන් මෙන්ම සංචාරකයින් සඳහාද වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙයි. තවද ඒ අවට පිහිටි අනෙකුත් රෝහල් සඳහා මීගමුව රෝහල සේවය සපයයි.
මෙම රෝහලේ ඩෙංගු කළමනාකරණ මධ්‍යස්ථානය, ඩෙංගු සහ ඩෙංගු රක්තපාත උණ සායනික කළමනාකරණය සඳහා හොඳම මධ්‍යස්ථානය ලෙස නම් කර ඇත.මෙම රෝහලේ පවතින පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එය රේඛීය අමාත්‍යංශයේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීම යෝග්‍ය බවටද හඳුනාගෙන ඇත.
ඒ අනුව දැනට බස්නාහිර පළාතේ පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලනය යටතේ පවතින එම රෝහල මධ්‍යම රජය වෙත පවරා ගැනීම පිණිස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවට
අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වැවිලි කර්මාන්ත, අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද(15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළෙය.