මීට සමගාමීව යටිතල පහසුකම් ඇතුළු වතු ක්ෂේත්‍රයේ සියලු අංශ කඩිනම් සංවර්ධනයට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී ඇත.
තේ කර්මාන්තයේ ගුණාත්මකභාවය සහ ඵලදායීතාව ඉහළ නැංවිමට රජය පියවර රැසක් ගෙන තිබේ. දැනට බලපැවැත්වෙන බදු ඉවත් කිරීම, පොහොර සහනාධාරය ඇතුළු සහන රැසක් මීට ඇතුළත්ය. මේ සහන හිමිවන්නේ වතු සමාගම්වලට බැවින් එහි ප්‍රතිලාභ වතු කම්කරුවාට ද හිමි විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. නිෂ්පාදන සහ කර්මාන්ත ක්ෂේත්‍ර ලබන දියුණුවට සමගාමීව එහි ප්‍රතිලාභ කම්කරුවාට හිමිකර දීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිතුමා පවසයි.