රජය විසින් ලබා දී ඇති බදු සහන, නොමිලේ පොහොර ලබා දීම, වතු සමාගම් විසින් ලබාගෙන තිබෙන ණය වෙනුවෙන් සහන සැලසීම, නොමිලේ තේ පැළ සැපයීම ආදිය මඟින් වැවිලි සමාගම් වලට ප්‍රතිලාභ රැසක් හිමිවන බැවින් වතු කම්කරු වැටුප් වැඩි කිරීමෙන් සමාගම් වලට පාඩුවක් සිදු නොවන බවත්, මේ මඟින් වතුවල නිෂ්පාදනය වැඩි වන බවත් කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පැවති මාධ්‍ය හමුවේ දී ඇමතිවරයා කීය.
දැනට වතුකම්කරුවන්ට ලැබෙන්නේ දිනකට රුපියල් 730 ක මුදලකි. නව වැටුප් වැඩිවීම මඟින් වතු කම්කරුවන් 150,000 කට පමණ සෙත සැළසෙනු ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.