විදේශ සබඳතා අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ඉරාන හා කටාර් රටවල ශ්‍රි ලංකා තානාපති කාර්යාලවල සම්බන්ධීකරණයෙන් කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙම දේහයන් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළෙන් ශ්‍රි ලංකාවට ගෙන එනු ලැබූ බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියයි.
මෙම සිසුවියන් තිදෙනා ගේ දේහයන් මෙරටට ගෙන්වා ගැනීම රජයේ වියදමින් සිදු කෙරිණි.
ඒ සඳහා විදේශ සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් රුපියල් මිලියන 1.5 ක මුදලක් ලබා ගැනිම සඳහා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව සම කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.