පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    හක් බෙල්ලන් 440 ක් සමග සැකකරුවන් තිදෙනෙක් අත් අඩංගුවට

    ජනවාරි 16, 2020

    නාවික හමුදාව, හම්බන්තොට වනජීවී කාර්යාලය හා කිරින්ද ධීවර පරීක්‍ෂක කාර්යාලය සමග එක්ව කිරින්ද ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී හක් බෙල්ලන් තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) අත් අඩංගුවට ගෙන ඇත.

     නාවික හමුදාව විසින් නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරන අතර, ඒ අනුව ක්‍රියාත්මක කරනු ලබන තවත් වැටලීමක් හම්බන්තොට, වනජීවී කාර්යාලය හා කිරින්ද ධීවර පරීක්‍ෂක කාර්යාලය සමග එක්ව කිරින්ද ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක කරන ලදි. එහිදී නිවාස දෙකක් (02) තුළ අලෙවි කිරීම සඳහා සගවා තිබූ හක්බෙල්ලන් 440 ක් සොයා ගැනීමට සමත්ව ඇති අතර, සැකකරුවන් තිදෙනෙක්ද (03) අත් අඩංගුවට ගෙන ඇත.

    අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 21 ත් 35 අතර වියෙහි පසුවන තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට තහවුරු කරගෙන ඇත. සොයා ගන්නා ලද හක් බෙල්ලන් තොගය සහ සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු කිරින්ද, ධීවර පරීක්‍ෂක කාර්යාලය මගින් සිදු කරනු ලබයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya