මේ වසර තුළ මෙම ප්‍රදානයන් ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති හියෝන් ලී (HEON LEE) මහතා පවසයි. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ කොරියානු තානාපතිවරයා අතර පැවති සාකච්ඡාවේ දී මේ බව අනාවරණය විය.
මේ අනුව කුච්චවේලි සංචාරක කලාපය සංවර්ධන කිරීම සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 5.36 ක ප්‍රදානයක් මාතලේ ඇටන්වල ප්‍රජා සත්කාරක සංචාරක ගම්මානය සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5.6 ක ප්‍රදානයක් කොරියානු රජය විසින් ලබා දීමට නියමිතය.
ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීමත් සමග රට තුළ ඇතිව තිබෙන ආරක්ෂක තත්ත්වයන් සමග කොරියානු ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් රැසක් මෙරටට ආයෝජනයට කැමැත්තේන් සිටින බවත් කොරියානු තානාපතිවරයා ප්‍රසන්න රණතුංග ඇමතිවරයාට මෙහිදි දැනුම් දුන්නේය.. පාස්කු ප්‍රහාරයත් සමග කොරියානු සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණ ද රටේ පවතින වත්මන් තත්ත්වය තුළ නැවතත් කොරියානු සංචාරකයන් මෙරටට පැමිණීමට කැමැත්තක් දක්වන බව ද තානාපතිවරයා පෙන්වා දුන්නේය.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි අවධාරණය කළේ නව රජය කොරියාව සමග ද්විපාර්ශවික සබදතා පුළුල් කිරීමට අපේක්ෂා කරන බවයි. එමෙන්ම කොරියානු ආයෝජන සදහා වැඩි ඉඩක් ලබා දීමට රජය කැමැත්තෙන් සිටින බව ද රණතුංග මහතා මෙහිදි කියා සිටියේය.