එහි දී පරිපූරක අයවැයක දී වුව ද වැඩ කිරීමට නොබියව කටයුතු කරන බවත්, වැටුප ගැන පමණක්ම නොහිතා පක්ෂ විපක්ෂයෙන් තොරව කටයුතු කළ යුතු බවත් කියා සිටි ඒ මහතා රටට අවශ්‍ය වන්නේ සංවේදී නායකයින්, ජනතා ප්‍රශ්න හඳුනාගන්නා නායකයින් බවත්, කුමන පක්ෂයක අයවළුන් කෙසේ කුමක් කිවත් වත්මන් නායකයින් රටේ ජනතාව ගැන බලන බවත් කියා සිටියේය.
ඒ අනුව, ටකරන්, ලෑලි, තල්අතු, පොල් අතු සෙවිලි කළ නිවාස වලපදිංචි පවුල් සඳහාත්, නිදන්ගත රෝග, අබාධිත දරුවන් සිටින සඳහාත්, විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබුව ද දුප්පත්කමින් පෙළෙන දරුවන් සඳහාත්, මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා කඩිනමින් නිවාස ලබා දීමට කටයුතු කරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා වත්මන් රජය යටතේ නිසි ක්‍රමවේදයකට අනුව නිවාස වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද මෙහි දී ප්‍රකාශ කළේය.