රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, මහවැලි ''බී'' කලාපයේ වැලිකන්ද මුතුවැල්ල තපෝදනාරාම විහාරස්ථානයේ දී පැවති විශේෂ රුක්රෝපණ වැඩසටහනට එක්වෙමිනි.
එහි දී මුතුවැල්ල හන්දියේ සිට කන්දකඩුව, සේරුවාවිල දක්වා වූ මාර්ගය දෙපස පැළ සිටුවීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වූ අතර වැලිකන්ද මුතුවැල්ල මහවැලි ජනපදිකයන්ට මී, කුඹුක්, සියඹලා ආදි පැළ 1,800 ක ප්‍රමාණයකුත්, ආදර්ශ ගෙවතු 1300 ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ එම ගෙවතු හිමියන්ට පැළ ලබාදීමේ වැඩසටහනකුත්, ජනපදිකයන්ට පරිසර හිතකාමී ගමන් මළු ප්‍රදානයකුත් සිදු කෙරිණි.
මේ සඳහා ප්‍රදේශයේ ආගමික නායකයන්, දේශපාලන අධිකාරිය, මෙන්ම මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිළධාරින් විශාල ප්‍රමාණයක් ද එක් වූහ.