පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ''සෞභාග්‍යයේ දැක්ම'' තුළින් රජයේ සංවර්ධන වැඩපිළිවෙල ජනතාගත කිරීමට මාධ්‍ය ලේකම්වරු සහ මාධ්‍ය නිලධාරීන් දැනුවත් කරයි

    ජනවාරි 17, 2020

    රජය විසින් ක්‍රියාත්මක කරන සෑම සංවර්ධන වැඩසටහනක්ම ජනතාව වෙත ගෙන යාමේ වගකීම් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සතු බවත් ඒ සඳහා සමාජ මාධ්‍ය ඇතුළු නව මාධ්‍ය  යොදාගෙන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නව මුහුණුවරකින් කටයුතු කරන බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා පවසයි.

    නාලක කලුවැව මහතා මේ බව පැවසුවේ, සියලුම අමාත්‍යංශ ,දෙපාර්තමේන්තු සහ ආරක්ෂක අංශ නියෝජනය කරන මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරින්, අමාත්‍යාංශ නියෝජනය කරන මාධ්‍ය  ලේකම්වරුන් සමග අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති දැනුවත් කිරීමේ විශේෂ හමුවට එක්වෙමිණි.

    තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතාගේ සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්විණි

    රජයේ සංවර්ධන කටයුතු ජනතාව අතරට ගෙනයාම සහ ඒ ඒ අමාත්‍යංශ වලින් සිදු කරන කාර්ය ජනතාවට වඩාත් සමීප කරවීම සඳහා මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු ආදී කරුණු පිළිබඳව මෙම සාකච්ඡාවේ දී ප්‍රධාන වශයෙන් සාකච්ඡා විය.

    මාධ්‍ය ලේකම්වරු,මාධ්‍ය නිලධරීන් තම මාධ්‍ය කටයුතු අමාත්‍යංශ වල සිදු කිරීමේ දී මුහුණ දෙන ගැටළු පිළිබඳව හා ඊට සිදු කරන මැදිහත්විම් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ සාකච්ඡා කෙරිණි.

    මෙවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැමිණි සිටි මාධ්‍ය නිලධාරීන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට සිය ස්තූතිය පළ කළේ ය. මෙවැනි හමුවීම් පවත්වමින් ඉදිරියේ දී යහපත් මාධ්‍ය සම්බන්ධීකරණයක් ඇති කිරීම මඟින් රජයේ සංවර්ධන ඉලක්ක ජයගැනීම සඳහා පියවර ගන්නා බව රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ ය.

     

    මෙම අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් යූ.පී.එල්.ඩී. පතිරණ මහත්මිය, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජතිස්ස ගමගේ මහතා ඇතුළු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ක්‍රියාවලියට සම්බන්ධ අංශ නියෝජනය කරමින් එහි අංශ ප්‍රධානීහු ද  එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya