පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    සංචාරක බස්රථ හිමියන්ට කල්බදු වාරික ගෙවීම සදහා සහන කාලයක්

    ජනවාරි 18, 2020

    සංචාරක බස්රථ හිමියන්ට කල්බදු වාරික ගෙවීම සදහා සහන කාලයක් ලබා දීමට රජය තීරණය කරයි. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ලංකා සංචාරක බස්රථ හිමියන්ගේ සංගමය හා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර එම අමාත්‍යංශයේ දි පසුගිය දා පැවති සාකච්ඡාවක දි මෙම තීරණයට එළඹිණ.

    මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ට ප්‍රවාහන පහසුකම් සැලසිම සදහා බස්රථ 700 ක් පමණ යොදවා තිබේ. මෙයින් සංචාරක සමාගම් සතුව ඇත්තේ 5%ක පමණ සංඛ්‍යාවකි. ඉතිරි 95% ම යොදවා ඇත්තේ පුද්ගලික ව්‍යවසායකයින් විසිනි. ඉන් 98% ක්ම බස්නාහිර පළාතේ ව්‍යවසායකයින් විසින් යොදවා තිබීම විශේෂත්වයකි.


    අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයත් සමග සංචාරක කර්මාන්තය බිදවැටීමත් සමග මෙම බස්රථ ධාවනය සම්පුර්ණයෙන් ම අඩාල වු බවත් කල්බදු වාරික ගෙවා ගත නොහැකිව ඇතැම් බස්රථ මේ වන විට ලීසිං සමාගම් විසින් රැගෙන ගොස් ඇති බවත් ලංකා බස්රථ හිමියන්ගේ සංගමයේ නියෝජිතයන් ඇමතිවරයාට පෙන්වා දුන්හ.

    පසුගිය රජය සමග රැස්වීම් ගණනාවක් පැවැත්වුවද කිසිදු සහනයක් නොලැබුණු බව ඔව්හු ඇමතිවරයාට පැමිණිලි කලහ. නව රජය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දෙන රුපියල් මිලියන 300 සහන ණය යෝජනා ක්‍රමයට තමන්ද ඇතුළත් කරන්නැ‘යි බස් රථ හිමියන්ගෙන් ඉල්ලා සිටියහ.


    ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ මේ පිළිබදව මුදල් අමාත්‍යංශයේ අවධානය යොමු කරන බවයි. ඔවුන් සමග සාකච්ඡා කර ඒ සදහා කැබිනට් මණ්ඩලයට යොජනාවක් ඉදිරිපත් කරන බව පැවසු ඇමතිවරයා එම කැබිනට් පත්‍රිකාව සකසන ලෙස අමත්‍යංශ ලේකම් මරීනා මොහොමඩ් මහත්මියට උපදෙස් දුන්නේය.

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya