මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සභාපතිවරයා මේ බවපැසීය. සම්බන්ධීකරණ කමිටු රැස්වීම ආරම්භයේදී මාතලේ රජ්ජම්මන ප්‍රදේශයේදී වන අලින් පලවා හැරිමේ මෙහෙයුමකදී මිය ගිය මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සමාජිකයෙකුද වන ජිවී අඩවි සහකාර නිලධාරි මධුෂාන් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වා කමිටුවේ ශෝකය පළ කළේය.
ඩ්‍රෝන කැමරා භාවිත කළේ නම් දුර සිට වන අලින් සිටින ස්ථාන පහසුවෙන් නිරික්ෂණය කළ හැකි බවත් මෙම තාක්ෂණය භාවිත කළේ නම් වන ජීවි නිලධාරියාගේ ජීවිතය රැක ගැනීමටද අවස්ථාව තිබු බවත් ඉදිරියේදී ඒවැනි සිදුවිම් සිදු නොවීමටද අවශ්‍ය පියවර ගන්නා බවත් කමිටු සභාපතිවරයා සදහන් කළේය. වනජීවි අමාත්‍යවරයා සමග සාකච්ඡාකර ඩ්‍රෝන කැමරා පහසුකම ලබා දීමට කටයුතු කරන බවද ලක්ෂ්මන් වසන්ත මහතා වැඩිදුරටත් පැවැසීය.
DMU/Matale