මල්වල ශ්‍රී ඥාණෝහාස පිරිවනේ පැවති ගිලීමලේ බලමණ්ඩල රැස්වීමට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා,
ලංකාව වගේ රටකට 2/3ක බහුතර බලයක් සහිත ප්‍රබල ආණ්ඩුවක් අවශ්‍යයි. රටට සහ ජනතාවට බලපාන ප්‍රශ්න විසදීමට වගේම ඒ සදහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකසා ගැනීමේදී බහුතර බලයක් ආණ්ඩුවකට තිබීම ඉතා වැදගත්. අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට වැඩකරන්න මුදල් නැහැ. පසුගිය වසරේ අයවැයක් සම්මත කරගන්න නොහැකිවීම ඊට හේතුවයි. මේ වන විට අපේ රජයට අයවැයක් සම්මත කර ගැනීමට තරම් බලයක් පාර්ලිමේන්තුව තුළ නැහැ. අපට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඉන්නේ 94ක් පමණයි. එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ සන්ධානය ප්‍රමුඛ විපක්ෂයට බහුතරයක් ඉන්නවා. රජයට අයවැයක් සම්මත කරගන්න නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවා ගත යුතුයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ආණ්ඩුවක් පිහිටුවන්න ව්‍යවස්ථානුකූලව වසර හතර හමාරක් ගත වියයුතුයි. ඒ අනුව අපිට මහා මැතිවරණයකට යන්න වෙන්නේ මාර්තු පළමු වෙනිදායින් පසුවයි. අපිට මතකයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නියමිත කාලයට කලින් නව අගමැතිවරයෙක් පත්කරලා ආණ්ඩුව විසුරුවා හැරියා . එදා අධිකරණය ආණ්ඩුව විසුරුවා හැරිම අභියෝගයට ලක් කරමින් සදහන් කළේ සිරිසේන ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බැවින් ආණ්ඩුව විසුරුවා හැරිම ව්‍යවස්ථාවට පටහැනි බවයි. ඒ නිසා අපට බලාගෙන ඉන්න සිද්ධ වෙනවා නියමිත කාලය අවසන් වෙනකම්.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත්වෙලා තාම මාස දෙකක්වත් නැහැ. හරියට අත දරුවෙක් වගේ ඒත් විපක්ෂය අහනවා රජය මොනවද කළේ කියලා. ඔබ දන්නවා මේ වෙනකොට රටේ යම් ශීලාචාරකමක් ඇතිවෙලා. දේශපාලන සදාචාරයක් ඇතිවෙලා. ඒ වගේම විදේශ රටවලට විශ්වාසයක් ගොඩනැගිලා තිබෙනවා. ග්‍රාමීය වශයෙන් විනිවිදභාවයෙන් යුතු සංවර්ධන වැඩපිලිවෙලක් පටන් අරගෙන තිබෙනවා. රත්නපුර දිස්ත්‍රක්කයේ ජනගහනය අනුව මෙවර අපට මන්ත්‍රී ආසන 11ක් හිමි වෙනවා.
මෙවර මහ මැතිවරණයෙන් අවම වශයෙන් මන්ත්‍රී ආසන 8ක් වත් ජයග්‍රහණය කර ගැනීමට අපි සියළුම දෙනා මහන්සිවිය යුතුයි. පසුගිය ජනාධිපතිවරණයේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කරවීමට ගත් උත්සාහය මෙන් ඊට වඩා වැඩි කැපවීමකින් මහා මැතිවරණය ජයග්‍රහණය කරවීමට කටයුතු කල යුතු බවද ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා සදහන් කළේය.
රත්නපුර ප්‍රාදේශීය සභාවේ සභාපති සුගත් දිසානායක,සබරගමු පළාත් සභා හිටපු මන්ත්‍රී ප්‍රභාත් මහේෂද අල්විස් මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.