රටේ ආර්ථික ප්‍රගමනය උදෙසා ගාල්ල දිස්ත්‍රික් දායකත්වය වැඩි කිරීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක අතර මෙහි මුලාරම්භය වශයෙන් එක් එක් රාජ්‍ය ආයතන ඒකාබද්ධ කර ගනිමින් එම ආයතනවල පවතින ගැටලුවලට විසඳුමක් ලබා දීම අපේක්ෂා කෙරේ.
මෙහිදී වැවිලි කෘෂිකර්මාන්තය අපනයන බෝග ප්‍රවර්ධනය උදෙසා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකය. පැවති තේ, පොල්, රබර් ,පොල්තෙල් සහ පාම් ඔයිල් ආනයනය කිරීම මගින් හා තේ කුරුඳු ගම්මිරිස් ප්‍රති අපනයනය කිරීම මගින් පැන නැගී ඇති ගැටළු අවම කිරීම සඳහා ප්‍රති අපනයනය තහනම් කිරීම සාධනීය ලක්ෂණයක් වී තිබේ.මෙමඟින් වගාකරුවන් වැඩි වශයෙන් ධෛර්යමත්ව වගා කටයුතු සිදු කරයි.
තවද වැවිලි ක්ෂේත්‍රයට තාරුණ්‍යයේ වැඩි නැඹුරුතාවක් ඇති කිරීමට, ආකර්ශණීය වෙළෙඳපොළක් ඇති කිරීම සඳහා ඒකාබද්ධ පුළුල් වැඩපිළිවෙළක් ඉදිරි වසර 5 තුළ ක්‍රියාත්මක ය. මෙහිදී ග්‍රාමිය මට්ටමින් කටයුතු කරන විවිධ ක්ෂ්‍රේත්‍ර නිලධාරින් දායක කර ගනිමින් ආකර්ශනීය වෙළෙඳ පොළක් තුළින් තාරුණ්‍යය ආකර්ශනය කර ගැනීම මෙහි ප්‍රධානතම ව්‍යාපෘතියක් වන්නේ එබැවිනි.
මෙහිදි එක් එක් වගාවන්ගේ වගා ප්‍රවර්ධනය සඳහා විවිධ නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අපේක්ෂා කෙරේ .තේ වගාව සඳහා දැනට දිස්ත්‍රික්කයේ පවතින හෙක්ටයාර 28864ක භූමි ප්‍රමාණය සුවිශේෂි වෙනසක් කළ නොහැකි වුවත් අස්වැන්න වැඩි කිරීමට ක්‍රමවේද සකස් කිරිමට අපේක්ෂා කෙරේ.
පැළ සිටුවීම,පාංශු සංරක්ෂණය සහ දිරි ගැන්වීම අපේක්ෂා කෙරේ. මේ වන විට අක්කරයකින් දළු කිලෝ 350ක් 400ක් පමණ ගොවීන් ලබා ගන්නා නමුත් ප්‍රමිතියෙන් යුතු පැළ ලබා දීම ,නව පැල සිටුවිම, පාංශු සංරක්ෂණය වැනි වැඩසටහන් මගින් වගාකරුවන් දිරිමත් කිරිම මගින් දළු කිලෝ 1500ක් ලබා ගැනිමට අපේක්ෂිතය. ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිඳුම, යක්කලමුල්ල ආදී ප්‍රදේශවල ප්‍රසිද්ධියට පත් රුහුණු තේ වලට රුසියාව සහ මැද පෙරදිග ආදි විශේෂ ඉහළ ඉල්ලුමක් පවති .
දැනට ගාල්ල දිස්ත්‍රික්කය තුළ රබර් හෙක්ටයාර 4355ක් පවතින අතර රබර් වගාවෙන් ගොවීන් ඈත්ව යන බව සහ මිල අඩු මට්ටමක් පවතින නිසා වගාකරුවන් වගාවෙන් ඈත් වන බවටද නිරීක්ෂණය වී තිබේ. එයට පිළියමක් වශයෙන් ඉදිරි අයවැයෙන් රබර් වගාවේ ප්‍රගමනය සඳහා ගොවීන්ට වැහි ආවරණ කබා හා වැහි ආරක්ෂක ලබා දීමට කටයුතු කිරීමටත් වගාවේ අස්වැන්න ලබා ගැනිමේ විධික්‍රම පිලිබඳ මනා දැනුවත් බාවයක් ලබා දිමටත් රබර් ආනයනය සීමා කිරිමටත් නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක ය.
මෙහිදී පොහොර භාවිතයේ ප්‍රමිතින් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරෙන අතර පසේ සාරවත්භාවය ආරක්ෂා කර ගැනිම තුළින් වැඩි අස්වැන්නක් ලබා ගැනිමටත්,ප්‍රමිතිගත කාබනික පොහොර භාවිතයේ වැදගත්කමත් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරේ.
තේ,රබර් ,පොල් මෙන්ම කුරුඳු කෝපි ගම්මිරිස් වැනි බෝගයන් ප්‍රවර්ධනය සඳහා ගාල්ල දිස්ත්‍රික්කය තුළ විවිද ක්‍රමවේද ක්‍රියාවට නැංවෙන අතර කුඩා ඉඩම් ප්‍රමාණයක ඵලදායි ලෙස වගාව ව්‍යාප්ත කිරීම තුළින් අගය එකතු කළ නිෂ්පාදන මත වටිනාකම වැඩි කර ගොවියාට වැඩි ප්‍රතිලාභයක් ලබා දිම මෙහි ප්‍රධානතම අරමුණක් වෙයි. මින් වැඩි ආදායමක් ලබා ගැනීමට හැකිවන පරිදි ගාල්ල දිස්ත්‍රික්කයේ පවතින විභවයන් හඳුනා ගනිමින් දිස්ත්‍රික්කයට අනන්‍ය ශක්‍යතා හඳුනා ගෙන ගොවීන් දිරිමත් කිරීම හරහා රටේ සංවර්දනයට දායක කර ගැනිම වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ අපේක්ෂාවයි.
මේ සඳහා වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම ගරු අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ මෙහෙයවීම යටතේ එම අමාත්‍යංශය ,ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ,දිස්ත්‍රික් ක්‍රම සම්පාදන ලේකම් කාර්යාලය ,දිස්ත්‍රික් සමෘද්ධි අංශය ,ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාල දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,ශ්‍රි ලංකා තේ මණ්ඩලය,අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පර්යේෂණ ආයතන ජාතික පොහොර ලේකම් කාර්යාලය, ගොවිජන සංවර්දන දෙපාර්තමේන්තුව ,කාර්මික සංවර්ධන මණ්ඩලය, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, පොල් වගාකිරීමේ මණ්ඩලය, ආදි ආයතන රැසක් ඒකාබද්ධව වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක කෙරේ.
DMU/ Galle