2020 වර්ෂය සදහා මෙම පාසලට සිසුන් තිදෙනෙක් (03) අලුතින් බදවා ගැනීමේ අවස්ථාවට අද (16) හදිසියේ සහභාගී වූ අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළේ ය.
එම අවස්ථාවේ දී අඳහස් දැක් වූ අමාත්‍යවරයා මෙසෙ කියයි. එක් සිසුවෙකුගෙන් පවත්වාගෙන ගිය මෙම පාසලට අලුතින් සිසුන් තිදෙනෙකු මෙවර ඇතුළත් වීම ඉතා යහපත් ආරම්භයක් ලෙස සැලකිය හැකියි. ඉදිරියේ දී මෙම විද්‍යාලයට පහසුකම් සහිත පාසල් ගොඩනැගිල්ලක් ඇතුළු පහසුකම් සංවර්ධනය කිරීමට පියවර ගන්නවා. ඒ අනුව ඉදිරි වර්ෂය වනවිට සිසුන්ගේ ඇතුළත්වීම තවදුරටත් යහපත් කිරීමට හැකිවනු ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී සදහන් කළේය.
මධ්‍යම පළාතේ ගලේවෙල අධ්‍යාපන කලාපයට අයත් නාලන්දාවේ දෙමදඔය ප්‍රාථමික විද්‍යාලය 1961 වසරේ සිට ක්‍රියාත්මක වන පැරණි පාසලකි. මෙම පාසලේ වර්තමාන සිසුන් සංඛ්‍යාව 1ක් වන අතර ගුරුවරුන් හතර දෙනෙක් (04) සේවය කරයි.
ශ්‍රේණිධාරී විදුහල්පතිවරයෙක් මෙම පාසලට පත්වීමට නියමිත ව සිටින අතර, මේ වනවිට සිසුන් සංඛ්‍යාව අඩුවීමට බලපා ඇත්තේ පාසලේ පවත්නා පහසුකම් ප්‍රමාණවත් නොවීම හා පහසුකම් සහිත පාසල් කිහිපයක් එම පාසලට ආසන්නයේ පිහිටා තිබීමයි. පාසල තුළ සිසුන් රදවා ගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් පහසුකම් සංවර්ධනය කිරීමේ කාර්යය වෙනුවෙන් ගලේවෙල අධ්‍යාපන කලාප බලධාරීන් මෙන් ම ඉදිරියේ දී පාසලට පැමිණීමට අපේක්ෂිත ශ්‍රේණිධාරී විදුහල්පතිවරයා ද ඉමහත් පරිශ්‍රමයක යෙදෙමින් සිටියි.