එහි දී, අරලගංවිල ප්‍රදේශය ආර්ථික වශයෙන් සංවර්ධනය කෙරෙන ආකාරය දීර්ඝව සාකච්ඡා කෙරුනු අතර ව්‍යාපාරික ප්‍රජාවට මතුව තිබූ ගැටළු සම්බන්ධවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
ජනාධිපතිතුමාගේ වැඩ කරන රටක් නිර්මාණය කිරීමේ ජාතික අභිලාෂයට අනුව, පළාත්බද නගර සියල්ල නිසි සැළසුමකින් යුතුව සංවර්ධන කරන බවත්, ඒ අනුව මහවැලි කලාප දහය තුළ සියළුම නගර සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත්, මහවැලියට අවුරුදු පනහක් පිරෙන මේ වසර තුළ මහවැලි ජනතාවට උපරිම ප්‍රතිලාභ ලැබෙන අයුරින් කඩිනමින් ආර්ථික සංවර්ධන සැළසුම් රැසක් ක්‍රියාත්මක කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලදී.
එමෙන්ම, රාජ්‍ය බැංකූ ආයතන මඟින් නව උත්පාදන වැඩසටහන් සඳහා ලබාගත හැකි පහසුකම් පිළිබඳව ද දැනුවත් කිරීම සිදුකරනු ලැබූ අතර මෙම හමුවේ දී මතු වූ සියළු ගැටළු වලට කඩිනම් විසදුම් ලබාදෙන ලෙසට නිළධාරින් හට උපදෙස් ලබා දීම ද රාජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කරනු ලැබිණි.