මහවැලි ''බී'' කලාපයේ විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීම හා සේවක හමුව මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලගංවිල මහවැලි රංග ශාලාවේ දී පසුගිය දා පැවත්විණි. එහිදී මේ පිළිබඳව අවධනයට යොමු වී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජාතික ආර්ථික වැඩපිළිවෙළට මහවැලිය සක්‍රිය ව දායකත්වය ලබාදීමට හැකි නව ව්‍යාපෘති පිළිබඳව මෙහි දී දැනුවත් කෙරුණු අතර අලි මිනිස් ගැටුමට ස්ථිරසාර වැඩසටහනක්, සංචාරක ප්‍රවර්ධනයන්, මිරිදිය මත්ස්‍ය වගාව ප්‍රවර්ධනයන්, මහවැලි හෙළ බොජුන් හල් ආරම්භ කිරීම්, වැව් ප්‍රමුඛ වාරි පද්ධතීන් ප්‍රතිසංස්කරණයන් ආදි ප්‍රමුඛ කාර්යයන් පිළිබඳව ද මෙහි දී දීර්ඝ ව සාකච්ඡා කෙරිණි.
මහවැලි ‘බී’ කලාපය තුළ මෙතෙක් සිදුවූ සංවර්ධන ක්‍රියාවලි පිළිබඳ කරුණු ඉදිරිපත් කෙරුණු අතර අනාගතයේ දී මහා භාණ්ඩාගාරය මත නොයැපී මහවැලිය තුළින් ම මුදල් උත්පාදනය කොට යැපිය හැකි නව ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා වූ අතර වැඩ කරන රටක් තුළ මහවැලි සංවර්ධන ව්‍යාපාරය නිසි දැක්මක් යටතේ නවීකරණය කරමින් ආර්ථික උත්පාදන ව්‍යාපාරයක් බවට පත්කොට එහි ප්‍රතිලාභ මහවැලි ජනපදිකයන්ටත් සමස්ථ රටේ ජනතාවටත් අත්කර දෙන බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදී.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් පෙරේරා ඇතුළු නිළධාරින් රැසක් ද එක් ව සිටියහ.