ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ " සෞභාග්‍යයේ දැක්ම " ජාතික ප්‍රතිපත්තියට අනුව වැඩ කරන රටක් නිර්මාණය කිරීමේ කාර්ය භාරයේ දී මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ද විශාල වැඩ කොටසක් සිදු කරනු ලබයි. මහවැලි කලාප තුළ හරිත උයන් ඇති කිරීම ද ඉන් එක් කාර්යකි.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් පෙරේරා, රාජ්‍ය නිළධාරින්, ගම්වාසීන් ඇතුළු විශාල පිරිසක් එක් ව සිටියහ.
මෙහි දී ඌණ භාවිත පළතුරු පැළ රෝපණය කරමින් හරිත උද්‍යානය ආරම්භය සනිටුහන් කෙරිණි.