අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි
මෙලෙස විශ්වවිද්‍යාලවල නවක වදය හේතුවෙන් පීඩාවට,අසාධාරණයට පත් වූ සිසුන්ට මෙම කමිටුව හමුවේ පැමිණිලි කළ හැකි බව කී අමාත්‍යවරයා,සාක්ෂි විමසීමෙන් අනතුරුව,ලබා දිය හැකි සහන පිළිබඳව කමිටුව විසින් නිර්දේශ කරන බවය. කෙසේ වෙතත් මෙලෙස නවක වදය හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අහිමි වූ සිසුන්ට යළි උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීමට අවධානය යොමු කර තිබෙන බව ද අමාත්‍යවරයා කීය. මෙම කමිටුව මඟින් ලබා දෙන නිර්දේශ මාස තුනක් ඇතුළත ලබාගැනීමට අපේක්ෂා කෙරේ.
''විශ්වවිද්‍යාල නවක වදය හේතුවෙන් වසර 2018 දී සිසුන් 2000කට අධික පිරිසක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැර ගොස් තිබෙනවා.මෙය අපේ රටේ දරුවන්ට එරෙහිව සිදු වූ ජාතික අපරාධයක් ලෙසයි සළකන්නේ.මෙම නවක වදය නිසා ලිංගික හිංසනයට ලක් වූ සිසුන්, සියදිවි නසා ගත් සිසුන්,ආබාධවලට ලක් වූ සිසුන්,සම්පූර්ණයෙන් ම අධ්‍යාපනය හැරගොස් සිටින සිසුන් සිටිනවා.මේ පිළිබඳව රටක් ලෙස කණගාටු විය යුතුයි.ජාතියක් ලෙස ලැජ්ජා විය යුතුයි. දිළිදු දරුවන්ට මෙවැනි පීඩනයක් අත් කර නොදීමට රජය පියවර ගන්නවා.අද වසරකට සිසුන් 20000ක් පිටරට විශ්වවිද්‍යාලවලට යනවා. වසරකට බිලියන 50ක් රටට අහිමි වෙනවා.දරුවන්ට බියෙන් හා සැකෙන් තොරව අධ්‍යාපනය ලබා ගැනීමට රජය අවස්ථාව ලබා දෙනවා. මේ රටේ බදු ගෙවන ජනතාවට අයිතියක් තිබෙනවා, බදු මුදලින් අධ්‍යාපනය ලබන දරුවන්ට සිදුවන අසාධාරණය වෙනුවෙන් පෙනී සිටීමට.ඒ නිසා නවක වද වින්දිතයින්ට සහන සැලසීමට රජය කටයුතු කරනවා ''යැයි අමාත්‍යවරයා පැවසීය.