එම ආයතනය තුළ පිහිටි පේෂකර්ම හා රෙදිපිළි, පරිගණක, රසායන, ඉලෙක්ට්‍රොනික, යාන්ත්‍රික, වඩුවැඩ ආදී පාඨමාලා පැවැත්වෙන ස්ථාන මෙන්ම ශිෂ්‍ය නේවාසිකාගාරය, ශ්‍රවණාගාරය සහ ආපනශාලාව ද නිරීක්ෂණය කළ අමාත්‍යවරයා එහි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් සමඟ සුහඳ කතාබහක ද නිරත විය.
මෙම අවස්ථාවට හෝමාගම තාක්ෂණික ආයතනයේ නිසි බලධාරී සුනිල් ජයන්ත නවරත්න මහතා ඇතුළු එම ආයතනයේ ආචාර්යවරුන් ද සහභාගී විය.